-moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

තවත් එක් හීනයක්

Sunday, September 30, 2012

තමන්ටම කියල QR code එකක් හදාගමු

                          
                        කොහොමද කට්ටියට. ඔන්න මම අද ඔයාලට අලුත්ම දෙයක් ගෙනාව. සමහර අයටනම් මේක අලුත්ම අත්දැකීමක් වෙයි. සමහර අයනම් මේ ගැන දන්නවත් ඇති. ඔයාල මේක කලින් දැකල ඇති එත් මේක මොකක්ද කියල හරි හැටි විස්තරයක් දන්නේ නැතිව ඇති. මේක තමයි QR code. මේක ලෝකෙට හදුන්වලා දීල තියෙන්නේ  Toyota  සමාගම විසින් 1994 දී. මේක අද වන විට ලෝකයේ ගොඩාක් අය භාවිතා කරනවා.




                         ඇත්තටම මේ QR code එකෙන් මොකක්ද වෙන්නේ. QR code කියන එකේ තේරැම මොකක්ද? Quick Response Code (ක්ෂණික ප්‍රතිචාර කේතය). ඇත්තට මේකෙන් වෙන්නේ වැඩි දත්ත සංඛ්‍යාවක් මේ තුල ගබඩා කරගැනීමේ හැකියාවයි. ඒ වගේම මේ කේතය ඉතා ඉක්මනින් හා පහසුවෙන් කියවීමේ හැකියාවක්ද තියෙනවා. කියවනව කිවුවට අහෙන් බලල කියවන්න බෑ එකට වෙනම උපාංගයක් ඕන. දැන්නම් ජංගම දුරකතන වලින් කියවන්න පුළුවන්. ඒත් හැම එකකින්ම බෑ. Apple, Android, Windows වගේ අලුත්ම ඒවගෙන් පුළුවන්. එත් ඒකට සොෆ්ට්වෙයාර් එකක් ඕන. ඒකත් දෙන්නම්. 





                        QR code ගැන යම් තරමේ දැනුමක් ලැබුන නේද? ඔයාලටත් තමන්ගේම කියල QR code එකක් තියෙනවනම් කොහොමද. හරි මං දැන් කියල දෙනන්ම්කෝ කොහොමද හදාගන්නේ කියල. පහල සිහිනයට ගිහින් QR code එක හදාගන්නකෝ.


මෙතනින් ඔයාලගේ QR code එක හදාගන්න

                      දැන් ඔයාලටම කියල  QR code එකක් හදාගත්තනේ නේද? දැන් පහල සිහිනයට ගිහින් ඔයාගගේ දුරකතනයට ගැලපෙන සොෆ්ට්වෙයාර් එක භාගන්නකෝ. ඒකර ඹයාල බලන්නකෝ වැ‍ඩේ හොදද කියල. මේක තමයි අලුත්ම තාක්ශණය. තාක්ශණයත් එක්ක අපිත් දියුණු වෙන්න ඕනනේ. නැත්තම් වැඩක් නෑනේ නේද? ඔයාල යම් දෙයක් ඉගෙන ගත්තනම් මේ උත්සාහය ගැන මොනව හරි ලියලම යන්න.

මෙතනින් භාගන්න


0 comments: