-moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

තවත් එක් හීනයක්

පිපෙන්නට වෙරදරන සහිනයට ඉඩ දෙන්න

දන්න දේ තේරෙන ලෙස ඔබ වෙතට දෙන තවත් එක් සහිනයක්

Pen එකකින් Computer එකක් Format කරමු

ඔයාල ඔක්කොමල වගේ කොම්පියුටර් කෑල්ලක් ‍‍‍ෆෝමැට් කරන්න දන්නවනේ නේද?

අපේ Drivers (ඩ්‍රයිවර්ස්) අපිම දා ගමු

ෆෝමැට් කරල ඉවර උනාම සද්ද බද්ද රූප නැති වෙනකොට තමයි උස්සල පොළවෙ ගහන්න හිතෙන්නෙ. මොනව කරන්නද ඒත්. අමාරුවෙන් ගත්ත කොම්පියුටර් කෑල්ල පොළවෙ ගහන්නය නේද?

තමන්ටම කියල QR code එකක් හදාගමු

ඇත්තටම මේ QR code එකෙන් මොකක්ද වෙන්නේ. QR code කියන එකේ තේරැම මොකක්ද? Quick Response Code (ක්ෂණික ප්‍රතිචාර කේතය). ඇත්තට මේකෙන් වෙන්නේ වැඩි දත්ත සංඛ්‍යාවක් මේ තුල ගබඩා කරගැනීමේ හැකියාවයි.

Monday, April 21, 2014

නැතිවුන ඩ්‍රයිවර්ස් ස්වයංක්‍රීයව ඉන්ස්ට්‍රෝල් කර දෙන Driver Easy



              ඔන්න මම ගොඩාක් කාලෙකින් අද මේ පැත්තේ ආව. ඇත්තටම කිවුවොත් දැන් තියෙන වැඩත් එක්ක සිහිනය පැත්තට එන්න තියෙන වෙලාව ගොඩක්ම අඩු වෙලා. හරි ඉතින ඔන්න මම අදත් ආවෙ ඔයාලට වටින දෙයක් දීල යන්න. එහෙනම් අපි වැඩේට බහිමුකෝ...



                 මේකෙ නම තමයි ඩ්‍රයිවර් ඊසි. නම අහපු ගමන්ම ඔයාල දන්නවනේ මේක ඩ්‍රයිවර්ස් ගැන මොකක් හරි එකක් කියල නේ. ඇත්තටම ඔව්. මේක අපේ කම්පියුටරයට ඩ්‍රයිවර්ස් ස්වයංක්‍රීයව ඉන්ස්ට්‍රෝල් කර දෙන වැඩසටහනක්. අපේ කම්පියුටර් එකක් ‍ෆෝමැට් කලාම ඩ්‍රයිවර්ස් දා ගන්න කන කට්ට ඔයාලත් දන්නවනේ නේ. ඉතින් මේ ඩ්‍රයිවර් ඊසි කියන සොෆ්ට්වෙයාර් එකෙන් අපිට ඒ කරදරෙන් ලේසියෙන්ම මිදෙන්න් පුළුවන්.



                 මේකෙ තියෙන තවත් සුවිශේෂී දෙයක් තමයි අපි කම්පියුටර් එක ෆෝමැට් කරන්න කලින් අපේ තියෙන ඩ්‍රයිවර්ස් ටික මෙකෙන් බැකැප් කර ගන්න පඅල්වන් වෙන එක. ඒ වගේම දැනට තියෙන ඩ්‍රයිවර්ස් වල තියෙන දෝෂ හදුනාගෙන ඒව සවයංක්‍රීයව නිවැරදි කරගන්නත් මේ හරහා පුලුවන්. තව කාරනයක් තමයි අපේ පරිගණකයට අදාල නැති ඩ්‍රයිවර්ස් මේ මගින් ස්වයංක්‍රීයව ඉවත් කර ගැනීමටත් පුලුවන්.



                ඉතින් බලන්නකෝ ඓ්ක කොච්චර වටිනවද නේද? හරි එහෙනම් මේක ඔයාලත් දා ගෙනම බල්න්නකෝ.

හොද නරක කියලත් යන්න හොදද?

තවත් සිහිනයකින් ලගදිම හම්බවෙමු...