-moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

තවත් එක් හීනයක්

පිපෙන්නට වෙරදරන සහිනයට ඉඩ දෙන්න

දන්න දේ තේරෙන ලෙස ඔබ වෙතට දෙන තවත් එක් සහිනයක්

Pen එකකින් Computer එකක් Format කරමු

ඔයාල ඔක්කොමල වගේ කොම්පියුටර් කෑල්ලක් ‍‍‍ෆෝමැට් කරන්න දන්නවනේ නේද?

අපේ Drivers (ඩ්‍රයිවර්ස්) අපිම දා ගමු

ෆෝමැට් කරල ඉවර උනාම සද්ද බද්ද රූප නැති වෙනකොට තමයි උස්සල පොළවෙ ගහන්න හිතෙන්නෙ. මොනව කරන්නද ඒත්. අමාරුවෙන් ගත්ත කොම්පියුටර් කෑල්ල පොළවෙ ගහන්නය නේද?

තමන්ටම කියල QR code එකක් හදාගමු

ඇත්තටම මේ QR code එකෙන් මොකක්ද වෙන්නේ. QR code කියන එකේ තේරැම මොකක්ද? Quick Response Code (ක්ෂණික ප්‍රතිචාර කේතය). ඇත්තට මේකෙන් වෙන්නේ වැඩි දත්ත සංඛ්‍යාවක් මේ තුල ගබඩා කරගැනීමේ හැකියාවයි.

Monday, December 31, 2012

සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා... සිහිනයෙන් ප්‍රර්ථනා




2013 අලුත් අවුරුද්ද 
සිහිනයේ සියලුම සොහොයුරු සොහොයුරියන්ටත්, 
ඔවුන්ගේ පවුලේ සෑම දෙනාටමත්,
හිතේ තියෙන පැතුම් ඉටු වන
දුක් කරදර වලින් තොර....
කිරියෙන් පැණියෙන් ඉතිරෙන....
සාමය, සතුට, සෞභාග්‍ය සපිරි....
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!!
AnjulA MadusankA

Desktop එකත් ඔයාලගේ කාමරේ වගේද? එහෙනම් පිළිවෙලකට තියමු



                ඔන්න යාළුවනේ අදත් මම ආව. අදත් පොඩි දෙයක් ගෙනාව දීල යන්න. මේක සමහර අයනම් දන්නේ නෑ. ඒත් Windows 7 බාවිතා කරන ගොඩක් අය දන්නව. කොටින්ම කිවුවොත් මේක දාන්න පුළුවන්නේ Windows 7 වලට විතරයි. මේකෙන් කෙරෙන ප්‍රධානම දේ තමයි අපේ  Desktop එක ටිකක් පිළිවෙල කරල දෙන එක. ඇත්තටම මේක දාපුවාම පොඩි ගතියකුත් තියනව. ඉතින් කියන්න තියෙන්නෙනම් එච්චරයි. පොඩි දෙයක්නේ ඒකයි පොඩිවට ලිවුවේ. එහනම් දාගෙන බලන්නකො. හොදයිනම් කමෙන් එකකුත් දාලම යන්න කියල ආරාධනා කරනව. එහෙනම් ගියා ඉතින්.

සිහිනයට පිවිසෙන්න





Saturday, December 29, 2012

ඕන වචනයක් ඉක්මනට හොයාගන්න



                          කොහොමද යාවනේ ඔන්න මම අදත් ආව පොඩි දෙයක් අරගෙන. මේකනම් ලොකු දෙයක් නෙවෙයි. මේක පොඩි Dictionary එකක් ගැන. ගොඩක් අය මේක ගැන දන්නවනම් ඇති. නොදන්න අයටත් දැන ගන්න කියන්නම්කෝ. මේකෙ නම තමයි. දෙරණ Dictionary.

                         මේකෙ තියෙන විශේෂම දේ තමයි. අපි සාමාන්‍යයෙන් භාවිතා කරන සිංහල ෆොන්ට් වලට අදාල කීස් යොදා ගැනීම. ඒ වගේම මේ දෙරණ Dictionary එකේ සිංහල වචනවල ගොඩාක් තේරුම් දීල තියෙනව. හරි එහෙනම් දාගෙන් බලන්නකො

සිහිනයට පිවිසෙන්න




Friday, December 28, 2012

හිතේ හැටියට MP3 කපමු.

                       කොහොමද යාළුවනේ ඔන්න අදත් ආව. මේ දැන්නම් සිහිනය ටිකක් ලස්සනයි නේද? ම්ම්ම්... ගොඩක් මහන්සි උනා මේ තත්වෙට හදාගන්න. මොකද මං මේ ගැන කිසිම ක්ලාස් 1‍ට ගිහින් නෑනේ. ටික දෙනෙකුගෙන් උදව් ඉල්ලුව ඒත් කවුරුවත් උදව් කලේ නෑ. එක්කෙනෙක් පොඩි හෙල්ප් එකක් දුන්න එයාවත් මතක් කරනව.

                       හරි මම අද ගෙනාවෙනම් පොඩි දෙයක්. ඇත්තටම මේක mp3 කටර් එකක්. මේකෙන් වැඩ කරන්න ගොඩක් ලේසියි. මමත් ඔය එක එක ඒව කපන්න කොටන්න ගන්න මේක. දාගෙන බලන්නකෝ හොදයිද කියල. මටනම් එල.

                       ඒ වගේම යාළුවනේ මං දන්නව මේ සිහිනයත් එක්ක හැමදාම ඉන්න පිරිසක් ඉන්ව කියල. ඒ අයගෙන් මම ඉල්ලනව තමන්ගේ යාළුවොත් මේ සිහිනයට එකතු කරල දෙන්න කියල. ලොකු උදව්වක්. එහෙනම් අදට යන්නම්. පහල සිහිනයෙන් mp3 කටර් එක බාගන්න.

සිහිනයට පිවිසෙන්න


Thursday, December 20, 2012

මීයා නැති වෙලාවට හදිස්සියට ගන්න


                        ඔන්න යාළුවනේ මම අදත් ආව. අද මට පොඩි දෙයක් හම්බවුනා. මට හම්බවුනා කියන්නේ ඒක ඔයාලටත් දෙනව කියල දන්නවනේ නේද? හරි අපි එහෙනම් කෙලින්ම වැඩේට බහිමුකෝ.

                     ඔයාලගෙ කොම්පියුටර් කෑල්ලෙක් මීයෙක් ඉන්නව නේද? අනිවාරයෙන්ම ඉන්නවනේ. මීයා මොකාද කියල දන්නවනේ නේද? හරි බැරි වෙලාවත් ඔය මීයා නැති උනොත් ඒ කිවුවේ හදිස්සියෙවත් කැඩුනොත්. එහෙමත් නැත්තම් අර අලුතින් එන නැට්ට නැති මීයන්ගේ (වයර්ලස්) බැටරි බැස්සොත් මොකද කරන්නේ. එන්න ඒ වෙලාවට අපේ කී බෝඩ් එක මීයෙක් වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් කෑල්ලක්   තමයි මේ. ඉතින් ගොඩක් වටිනව නේ. හරි එහෙනම් පහල සිහිනයට ගිහින් බා ගන්නකෝ.එහෙනම් ඕන් ගියා...

සිහිනයට පිවිසෙන්න...


යන්න කලින් කොමන්ට් පාරක් දාගන්න.

Saturday, December 15, 2012

අපේ Drivers (ඩ්‍රයිවර්ස්) අපිම දා ගමු



                           


                      කොහොමද යාළුවනේ ඔන්න ඉතින් ගොඩක් දවසකින් අදත් ආව ගොඩාක් වටින දෙයක් අරගෙන. ඇත්තටම මේක මටනම් ගොඩක් වටිනව. මේක ඇවිල්ල මේ ඩ්‍රයිවස් සොෆ්ට්වෙයාර් කෑල්ලක්. ඔයාල ඔක්කොමල වගේ තම තමන්ගෙ කොම්පියුටර් කෑල්ල ෆෝමැට් කරගන්න දන්නවනේ නේද? ඕකත් දෙයක්ද නේද? කජු කනව වගේ වැඩක් නේ.
                    
                       ඒ උනාට ෆෝමැට් කරල ඉවර උනාම සද්ද බද්ද රූප නැති වෙනකොට තමයි උස්සල පොළවෙ ගහන්න හිතෙන්නෙ. මොනව කරන්නද ඒත්. අමාරුවෙන් ගත්ත කොම්පියුටර් කෑල්ල පොළවෙ ගහන්නය නේද? මමත් නිකන් පිස්සු කියවනව නේද? හරි එහෙම සද්ද බද්ද රූප නැති උනා කියමුකො. ඔයා මොකද කරන්නේ. දන්න වැඩර් කෙනෙකුට කතා කරනවද? වැඩර්ට කතා කරා කියල මොකෝ වැඩර් ගාව දාන්න ඩ්‍රයිවර්ස් තියනවය නේ. නැත්තම් ඉතින් අලුතින් ගත්ත මොනර කොලයකුත් අරන් ලගම තියෙන කොම්පියුටර් කඩේට තමයි කොම්පියුටර් එක උස්සගෙන දුවන්න වෙන්නේ. අපරාදෙ සල්ලි. වෙන මොනව කරන්නද?
                     අන්න ඒ වගේ වෙලාවට පිහිටට ගන්න පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් තමයි අද දෙන්න යන්නේ. හරියට නියට දෙවිකෙනෙක් වගේ නේ. මේකෙ නම තමයි Slim Drivers (ස්ලිම් ඩ්‍රයිවර්ස්). මේකෙත් එක්ක වැඩ කරන්න තව පොඩි ගැජට් කෑල්ලක් ඕන වෙනව. ඒ තමයි ඩොන්ගල් කෑල්ලක්. මන් දන්න තරමින්නම් ඩොන්ගල් කෑල්ලක් නැති කෙනෙක් නැති තරම්. නැතිම කෙනෙක් ඉන්නවනම් ටක් ගාල අල්ලපු ගෙදරට දුවල ගිහින් අරන් එන්නකෝ. දැන් හරි නේ.එහෙනම් පටාන් ගමු.
                 

                     ඔයාල Slim Drivers (ස්ලිම් ඩ්‍රයිවර්ස්) සොෆ්ට්වෙයාර් කෑල්ල ඩවුන්ලෝඩ් කලාට පස්සේ ඒක Open කලාම ලැබෙන තිරය තමයි ඔය උඩින් තියෙන්නේ. මෙම තිරය මගින් තමන්ගේ කොම්පියුටර් කෑල්ලේ සියලු විස්තර පෙන්නනවා. තේරුනානේ නේද? මම ඔයාලට තව මේකෙ වැඩ කෑලි ටිකක් කියල දෙන්නම්. හරි මුලින්ම Slim Drivers වින්ඩෝ එක තුළ  ඉහලින් ඇති Option නම් බොත්තම ඔබන්නකෝ. හිමින් ඔබන්න හොදේ. එතන තියෙන General ටැබ් එක ඔබන්නකෝ.

#. Automatically Select all items after scanning - මෙය තෝරා ඇතිවිට ඩ්‍රයිවර්ස් සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල්
                                                                         කිරීමෙන් පසුව අප්ඩේට් කළ යුතු ඒවා සියල්ල ඉබේ
                                                                         සිලෙක්ට් වී පෙන්වයි.

#. Run at Windows startup - මෙය තෝරා ඇතිවිට වින්ඩෝස් මෙහෙයුම් පද්දතියට පිවිසෙන විටම Slim
                                            Drivers (ස්ලිම් ඩ්‍රයිවර්ස්) වැඩසටහනද ක්‍රියාත්මක වෙයි.

#. Check Slim Drivers Update Automatic cally - මෙය තෝරා ඇතිවිට ස්ලිම් ඩ්‍රයිවර්ස් වැඩසටහනේ අලුත්
                                                                            සංස්කරණ තිබේද කියා නිතර සොයා බලයි.

                             Slim Drivers (ස්ලිම් ඩ්‍රයිවර්ස්) සොෆ්ට්වෙයාර් කෑල්ල ගැන ඔයාල යම් අවබෝධයක් ගන්න ඇති කියල මම හිතනව. හරි. Slim Drivers (ස්ලිම් ඩ්‍රයිවර්ස්) සොෆ්ට්වෙයාර් කෑල්ල ඇතුලෙ තියෙන Start Scan බොත්තම තද කලාම තමන්ගේ කොම්පියුටර් කෑල්ලේ තියෙන අඩු පාඩු ඩ්‍රයිවර්ස්. ඒ කිවුවෙ අඩු සද්ද බද්ද රූප වල ඩ්‍රයිවර්ස් ෆයිල් පෙන්නුම් කරනවා. ඒ පෙන්නුම් කිරීම් ඉදිරියෙන් ඇති Download Update නම් බොත්තම ඔබපුවාම ඩ්‍රයිවර්ස් ඩවුන්ලෝඩ් වෙනව. එතනින් එහාට කියල දෙනන් ඕන නෑනේ නේද? අම්මෝ අදනම් දිග ලියුමක් ලිවුව. දැන්නම් හොදටම මහන්සියි. එහෙනම් අදට යන්නම්. මේ සොෆ්ට්වෙයාර් කෑල්ල පහල සිහිනයට ගහින් බා ගන්නකෝ. තවත් සිහිනයකින් හමුවන බලාපොරොත්තුවෙන් ඔන්න මම ගියා.

සිහිනයට පිවිසෙන්න