-moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

තවත් එක් හීනයක්

පිපෙන්නට වෙරදරන සහිනයට ඉඩ දෙන්න

දන්න දේ තේරෙන ලෙස ඔබ වෙතට දෙන තවත් එක් සහිනයක්

Pen එකකින් Computer එකක් Format කරමු

ඔයාල ඔක්කොමල වගේ කොම්පියුටර් කෑල්ලක් ‍‍‍ෆෝමැට් කරන්න දන්නවනේ නේද?

අපේ Drivers (ඩ්‍රයිවර්ස්) අපිම දා ගමු

ෆෝමැට් කරල ඉවර උනාම සද්ද බද්ද රූප නැති වෙනකොට තමයි උස්සල පොළවෙ ගහන්න හිතෙන්නෙ. මොනව කරන්නද ඒත්. අමාරුවෙන් ගත්ත කොම්පියුටර් කෑල්ල පොළවෙ ගහන්නය නේද?

තමන්ටම කියල QR code එකක් හදාගමු

ඇත්තටම මේ QR code එකෙන් මොකක්ද වෙන්නේ. QR code කියන එකේ තේරැම මොකක්ද? Quick Response Code (ක්ෂණික ප්‍රතිචාර කේතය). ඇත්තට මේකෙන් වෙන්නේ වැඩි දත්ත සංඛ්‍යාවක් මේ තුල ගබඩා කරගැනීමේ හැකියාවයි.

Tuesday, October 30, 2012

Blog එකට ලස්සන ඔරලෝසුවක් දාගමු



                          ඉතින් කොහොමද යාළුවනේ ඔන්න මම ගොඩක් දවසකට පස්සේ ආවේ. වැඩ ගොඩක් තිබුන නිසා මොකවත් කරගන්න වෙලාවක් තිබුනේ නෑ. දන්නවනේ ඉතින් වැඩ කිවුවාම රටේ නැති දේවල් තියනවනේ කරන්න. හරි කමක් නෑ ඔන්න මම අදත් ඔයාලට දෙනන් පොඩි දෙයක් අරගෙන ආව. මේක ගොඩක්ම වටින්නේ. බ්ලොග් එකක් තියන කෙනෙකුට. මොකද මම අද දෙන්න හදන්නේ බ්ලොග් එකකට දාගන්න පුළුවන් ඔරලෝසු කිහිපයක් ගැනයි. මෙතන ඔරලෝසු වර්ග ගොඩාක් තියනව. කැමති එකක් තෝරගන්න පුළුවන්. සමහර අයටනම් බ්ලොග් එකක් නැතුව ඇති. කමක් නෑ ඒ අයත් බලන්නකෝ. මම ලගදිම බ්ලොග් එකක් හදාගන්නේ කොහොමද කියල කියල දෙන්නම්කෝ.

                       ආ මේ ඔරලොසුව ඔයාලගෙ බ්ලොග් එකට කොහොමද දා ගන්නේ කියල කියලදෙන්න ඕන නෑනේ නේද? අපේ අයියලාට ඕකත් දෙයක්ද නේ. බැරි කවුරුහරි ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න කියල දෙන්නම්. එහෙනම් ගියා ඔන්න. තවත් සිහිනයකින් හමුවෙමු.

සිහිනයට පිවිසෙන්න


Monday, October 8, 2012

ගෙදර විදුලි බිල අපිම හදාගමු



                               කොහොමද යාළුවනේ ඔන්න මම අදත් ආව ඉතින්. හැබැයි අද ආවේ ටිකක් අමුතු දෙයක් අරගෙනයි. මේ ඒක නෙවෙයි මේ මාසෙ ඔයාල‍ගෙ විදුලි බිල කීයද? ඔයාල බලයි යකෝ මුට මොකටද ඕව නේ. හරි හරි සොරිවෙන්නකෝ. මම අද දෙන්න යන්නේ තමන්ගේ ගෙදර විදුලි බිල තමන්ටම දැනගන්න පුළුවන් විදියක් ගැන. තමාගේ කිවුවට ඕනනම් අල්ලපු ගෙවල් වලත් බලන්න පුළුවන්. මොකද මනු කියවන්න එන බුවා හොර කරනවද දන්නෑනේ නේද? අනේ එහෙමන්ම් කරන්නේ නරතිව ඇති. මන් ඔය නිකම් කිවුවේ හොදේ.

                              හරි මේක online දෙන සේවාවක්. වැඩේ කරගන්න හරිම ලේසියි. ඔන්න මම පින්තූරයකුත් දැම්ම බලා ගන්නකෝ.



                             ඔයාල පහත සිහිනයට ගිහින් තමන්ගේ මේ මාසෙ විදුලි බිල කීයද කියල බලාගන්නකෝ. වැඩේ හොදනම් කමෙන්ට් පාරක් දාලම යන්න. ඔන්න මම ගියා. තවත් සිහිනයකින් හමුවෙමු.

සිහිනයට පිවිසෙන්න


Monday, October 1, 2012

ZTE MF100 Dongle එක unlock කරමු.



                  සුභ දවසක් වේවා යාළුවනේ. ඔන්න මම අදත් ආව. ආව කිවුවට මම අද එන්න නෙවෙයි හිටියෙ. ඒත් කෙනෙක් නිසා එන්න වුනා. යාළුවෙක් පොඩි උදව්වක් ඉල්ලුවාම නොදී කොහොමද නේද? හැබැයි මේක ලොකු වැඩක්. ඇත්තටම මෙයා මගේ යාළුවෙක්නම් නෙවෙයි. නෑ කිවුවට නැත්තෙත් නෑ. මගේ යාළුවෙක්ගෙ යාළුවෙක්. එයාගේ dongle එකක් තියනවලු ZTE MF 100 කියන එකක්. ඒක දීල තියෙන්නේ dialog එකෙන්. ඉතින් මෙයාට මේක unlock කරගන්න ඕන කියල කිවුව. ඉතින් මමත් වැඩේ අතෑරියේ නෑ. කොහොම හරි හොයාගත්ත. හරි අපි බලමු කොහොමද වැඩේ කරගන්නෙ කියල.

                       ZTE MF 100 කියන ඩොංගල් එක dialog ආයතනයෙන් තමයි නිකුත් කරන්නේ. මීට කලින් lock කරල දීපු dongle අපේ අය unlock කරන නිසා dialog ආයතනය ඉන් ඉහාට ගහින් මේ කියන ZTE MF 100 ඩොංගල් එකට Firmware (ස්තීරාංග) එකක් දාල unlock කරගන්න බැරි විදියට දුන්න .හැබයි කලින් දීපු ඩොන්ගල් Firmware එක DC Unlocker එකෙන් Unlock කරගන්න පුලුවන්. ඉතින් මොකක් හරි සෙල්ලමක් දාලා පරණ Firmware එක අලුත් ඩොන්ගල් එකට දාගත්තා නම් Unlock කරගන්න පුලුවන් නේද?

                  දැන් වැ‍ඩේ තේරැනානේ....... අපේ අයියලාට මොන lock එකක් දැම්මත් එක අයින් කරන එක ඒ හැටි දෙයක් නෙවෙයිනේ නේද?ඉතින් අපි කරන්න යන්නේ මුලින්ම ඩොන්ගල් එකේ තියෙන Firmware එක Update කරගන්න එක.

එක මේ සිහිනයෙන් කරගන්න


එක කරගන්න තියෙන්නෙ මෙහෙමයි
සිම් එකක් නැතිව ඩොන්ගල් එක PC එකට Plug කරන්න..
දැන් මෙ යටින් තියෙන සිහිනයට ගිහින් ZTE Firmware Updater එක Download කරගන්න


මෙකෙන් ඩොන්ගල් එක Detect කරගත්තට පස්සේ >>> Start Update >>> කරන්න  සම්පුර්ණයෙන් ඉවර උනාට පස්සෙ වෙන සිම් පතක් යොදා DC Unlocker එක මගින් ඩොන්ගල් එක Unlock කරගන්න. දැන් වැ‍ඩේ හරි. මේකට ගොඩක් මහන්සි වුනා. මහන්සිය අගේ කරනවානම් ‍කමෙන්ට් එකක් ලයික් එකක් දාලම යන්න. එහෙනම් තවත් සිහිනයකින් හමුවෙමු.