-moz-user-select:none; -webkit-user-select:none; -khtml-user-select:none; -ms-user-select:none; user-select:none;

තවත් එක් හීනයක්

Monday, October 1, 2012

ZTE MF100 Dongle එක unlock කරමු.



                  සුභ දවසක් වේවා යාළුවනේ. ඔන්න මම අදත් ආව. ආව කිවුවට මම අද එන්න නෙවෙයි හිටියෙ. ඒත් කෙනෙක් නිසා එන්න වුනා. යාළුවෙක් පොඩි උදව්වක් ඉල්ලුවාම නොදී කොහොමද නේද? හැබැයි මේක ලොකු වැඩක්. ඇත්තටම මෙයා මගේ යාළුවෙක්නම් නෙවෙයි. නෑ කිවුවට නැත්තෙත් නෑ. මගේ යාළුවෙක්ගෙ යාළුවෙක්. එයාගේ dongle එකක් තියනවලු ZTE MF 100 කියන එකක්. ඒක දීල තියෙන්නේ dialog එකෙන්. ඉතින් මෙයාට මේක unlock කරගන්න ඕන කියල කිවුව. ඉතින් මමත් වැඩේ අතෑරියේ නෑ. කොහොම හරි හොයාගත්ත. හරි අපි බලමු කොහොමද වැඩේ කරගන්නෙ කියල.

                       ZTE MF 100 කියන ඩොංගල් එක dialog ආයතනයෙන් තමයි නිකුත් කරන්නේ. මීට කලින් lock කරල දීපු dongle අපේ අය unlock කරන නිසා dialog ආයතනය ඉන් ඉහාට ගහින් මේ කියන ZTE MF 100 ඩොංගල් එකට Firmware (ස්තීරාංග) එකක් දාල unlock කරගන්න බැරි විදියට දුන්න .හැබයි කලින් දීපු ඩොන්ගල් Firmware එක DC Unlocker එකෙන් Unlock කරගන්න පුලුවන්. ඉතින් මොකක් හරි සෙල්ලමක් දාලා පරණ Firmware එක අලුත් ඩොන්ගල් එකට දාගත්තා නම් Unlock කරගන්න පුලුවන් නේද?

                  දැන් වැ‍ඩේ තේරැනානේ....... අපේ අයියලාට මොන lock එකක් දැම්මත් එක අයින් කරන එක ඒ හැටි දෙයක් නෙවෙයිනේ නේද?ඉතින් අපි කරන්න යන්නේ මුලින්ම ඩොන්ගල් එකේ තියෙන Firmware එක Update කරගන්න එක.

එක මේ සිහිනයෙන් කරගන්න


එක කරගන්න තියෙන්නෙ මෙහෙමයි
සිම් එකක් නැතිව ඩොන්ගල් එක PC එකට Plug කරන්න..
දැන් මෙ යටින් තියෙන සිහිනයට ගිහින් ZTE Firmware Updater එක Download කරගන්න


මෙකෙන් ඩොන්ගල් එක Detect කරගත්තට පස්සේ >>> Start Update >>> කරන්න  සම්පුර්ණයෙන් ඉවර උනාට පස්සෙ වෙන සිම් පතක් යොදා DC Unlocker එක මගින් ඩොන්ගල් එක Unlock කරගන්න. දැන් වැ‍ඩේ හරි. මේකට ගොඩක් මහන්සි වුනා. මහන්සිය අගේ කරනවානම් ‍කමෙන්ට් එකක් ලයික් එකක් දාලම යන්න. එහෙනම් තවත් සිහිනයකින් හමුවෙමු.


5 comments:

Unknown said...

Patta Machan THANX A LOT

iHelp.lk said...

thanks aiya...

Unknown said...

anjula malaya oya nikan browser 1k wageneee aaaaaaaaaaa ela (y) ohoma yan.............

iHelp.lk said...

thanks aiye... sihinayata bibidenna oyage me diriganweema godak watinawa... hamadama sihinayath ekka inna

Anonymous said...

Link Not Work
Update Plz