කොහොමද ඉතින්. ඔන්න අදත් ආව. අදනම් ගෙනාවෙ ගොඩක්
වටින දෙයක් හොදේ. වටිනව කිවුවෙ ඉතින් අය කියල වැඩක් නෑ. හරි ඔයාල කවුරුවත් කැමති
නෑනේ නේද ඔයාලගෙ කොම්පියුටර් කෑල්ල කවුරුවත් අල්ලනවට, අතගානවට නේ. හරියට නිකම්
සෙට්වෙලා ඉන්න ගර්ල්ගෙ අතින් ඇල්ලුවා වගේ මළ පනිනව නේ. අනික අපි කොහොමත් අපි කැමති
නෑනේ අපේ කොම්පියුටර් කෑල්ලට කවුරුවත් යුඑස්බී, සීඩී දානවට නේ. මළ පනිනව නේ.
හරි ආයේ එහෙම මළ පන්නගන්න ඕන නෑ. මම දෙන්න යන්නේ
මේ හැම දේකින්ම ඔයාලගෙ කොම්පියුටර් එක ආරක්ෂා කරගන්න දෙයක්. හරියට කිවුවොත්
සිකියුරිටි ගාඩ් කෙනෙක් වගේ. එහෙම එකක් ගර්ල්ටත් දා ගන්න තියනවනම් මරු නේ.
මුලින්ම මෙක් බා ගෙන ඉන්නකෝ. ආ.. මෙකෙ නම තමයි යුඑස්බී බ්ලොක්. බාගෙන් ඉවරවෙලා ඉන්ස්ටෝල්
කරගන්නකෝ. ඒ කරල ඔයාල කැමති පාස්වර්ඩ් එකක් දෙන්න. දැන් හරි. දැන් ඔයාලට ලොක්
කරන්න අවශ්‍ය දේවල් ඉස්සරහයින් හරි ලකුණ දාන්න. ඹය පල්ලෙහා පින්තූරයේ වගේ.
දැන් ඔක්කොම හරි. නිකම් වගේ ඔයාල ලොක් කරපු දෙයක්
දාන්නකෝ බලන්න. යුඑස්බී හරි සීඩී එකක් දාන්නකෝ. මරු නේ පාස්වර්ඩ් එක ඉල්ලනව නේ. ඔය
පල්ලෙහා තියෙන පින්තූරෙ බලන්නකෝ.
දැන් හරි නේ. ඉතින් ගොඩක් වටිනව නේ. එහෙනම් ඔයාලගෙ අදහස් බලාපොරොත්තු වෙනව.
දැන් හරි නේ. ඉතින් ගොඩක් වටිනව නේ. එහෙනම් ඔයාලගෙ අදහස් බලාපොරොත්තු වෙනව.
0 comments:
Post a Comment