කොහොමද
යාළුවනේ ඔන්න ඉතින් ගොඩක් දවසකින් අදත් ආව ගොඩාක් වටින දෙයක් අරගෙන. ඇත්තටම මේක
මටනම් ගොඩක් වටිනව. මේක ඇවිල්ල මේ ඩ්රයිවස් සොෆ්ට්වෙයාර් කෑල්ලක්. ඔයාල ඔක්කොමල වගේ තම තමන්ගෙ කොම්පියුටර් කෑල්ල
ෆෝමැට් කරගන්න දන්නවනේ නේද? ඕකත් දෙයක්ද නේද? කජු කනව වගේ වැඩක් නේ.
ඒ උනාට
ෆෝමැට් කරල ඉවර උනාම සද්ද බද්ද රූප නැති වෙනකොට තමයි උස්සල පොළවෙ ගහන්න හිතෙන්නෙ.
මොනව කරන්නද ඒත්. අමාරුවෙන් ගත්ත කොම්පියුටර් කෑල්ල පොළවෙ ගහන්නය නේද? මමත් නිකන්
පිස්සු කියවනව නේද? හරි එහෙම සද්ද බද්ද රූප නැති උනා කියමුකො. ඔයා මොකද කරන්නේ.
දන්න වැඩර් කෙනෙකුට කතා කරනවද? වැඩර්ට කතා කරා කියල මොකෝ වැඩර් ගාව දාන්න ඩ්රයිවර්ස්
තියනවය නේ. නැත්තම් ඉතින් අලුතින් ගත්ත මොනර කොලයකුත් අරන් ලගම තියෙන කොම්පියුටර්
කඩේට තමයි කොම්පියුටර් එක උස්සගෙන දුවන්න වෙන්නේ. අපරාදෙ සල්ලි. වෙන මොනව කරන්නද?
අන්න ඒ
වගේ වෙලාවට පිහිටට ගන්න පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් තමයි අද දෙන්න යන්නේ. හරියට
නියට දෙවිකෙනෙක් වගේ නේ. මේකෙ නම තමයි Slim Drivers (ස්ලිම් ඩ්රයිවර්ස්). මේකෙත් එක්ක
වැඩ කරන්න තව පොඩි ගැජට් කෑල්ලක් ඕන වෙනව. ඒ තමයි ඩොන්ගල් කෑල්ලක්. මන් දන්න
තරමින්නම් ඩොන්ගල් කෑල්ලක් නැති කෙනෙක් නැති තරම්. නැතිම කෙනෙක් ඉන්නවනම් ටක් ගාල
අල්ලපු ගෙදරට දුවල ගිහින් අරන් එන්නකෝ. දැන් හරි නේ.එහෙනම් පටාන් ගමු.
ඔයාල Slim Drivers (ස්ලිම් ඩ්රයිවර්ස්) සොෆ්ට්වෙයාර් කෑල්ල
ඩවුන්ලෝඩ් කලාට පස්සේ ඒක Open කලාම ලැබෙන තිරය තමයි ඔය උඩින් තියෙන්නේ. මෙම
තිරය මගින් තමන්ගේ කොම්පියුටර් කෑල්ලේ සියලු විස්තර පෙන්නනවා. තේරුනානේ නේද? මම
ඔයාලට තව මේකෙ වැඩ කෑලි ටිකක් කියල දෙන්නම්. හරි මුලින්ම Slim Drivers වින්ඩෝ එක තුළ ඉහලින් ඇති Option නම් බොත්තම ඔබන්නකෝ. හිමින් ඔබන්න
හොදේ. එතන තියෙන General ටැබ් එක ඔබන්නකෝ.
#. Automatically Select all items after scanning - මෙය තෝරා ඇතිවිට ඩ්රයිවර්ස් සොෆ්ට්වෙයාර්
ඉන්ස්ටෝල්
කිරීමෙන් පසුව අප්ඩේට් කළ යුතු ඒවා සියල්ල ඉබේ
සිලෙක්ට් වී පෙන්වයි.
#. Run at Windows startup - මෙය
තෝරා ඇතිවිට වින්ඩෝස් මෙහෙයුම් පද්දතියට පිවිසෙන විටම Slim
Drivers (ස්ලිම් ඩ්රයිවර්ස්) වැඩසටහනද ක්රියාත්මක වෙයි.
#. Check Slim Drivers Update Automatic cally - මෙය තෝරා ඇතිවිට ස්ලිම් ඩ්රයිවර්ස්
වැඩසටහනේ අලුත්
සංස්කරණ තිබේද කියා නිතර සොයා බලයි.
Slim
Drivers (ස්ලිම් ඩ්රයිවර්ස්) සොෆ්ට්වෙයාර්
කෑල්ල ගැන ඔයාල යම් අවබෝධයක් ගන්න ඇති කියල මම හිතනව. හරි. Slim Drivers (ස්ලිම් ඩ්රයිවර්ස්) සොෆ්ට්වෙයාර් කෑල්ල
ඇතුලෙ තියෙන Start Scan බොත්තම තද කලාම තමන්ගේ කොම්පියුටර් කෑල්ලේ
තියෙන අඩු පාඩු ඩ්රයිවර්ස්. ඒ කිවුවෙ අඩු සද්ද බද්ද රූප වල ඩ්රයිවර්ස් ෆයිල්
පෙන්නුම් කරනවා. ඒ පෙන්නුම් කිරීම් ඉදිරියෙන් ඇති Download Update නම්
බොත්තම ඔබපුවාම ඩ්රයිවර්ස් ඩවුන්ලෝඩ් වෙනව. එතනින් එහාට කියල දෙනන් ඕන නෑනේ නේද?
අම්මෝ අදනම් දිග ලියුමක් ලිවුව. දැන්නම් හොදටම මහන්සියි. එහෙනම් අදට යන්නම්. මේ
සොෆ්ට්වෙයාර් කෑල්ල පහල සිහිනයට ගහින් බා ගන්නකෝ. තවත් සිහිනයකින් හමුවන
බලාපොරොත්තුවෙන් ඔන්න මම ගියා.
සිහිනයට පිවිසෙන්න